Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණය ඇරඹේ

පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයින් පත්කරගැනීමට පැවැත්වෙන ඡන්ද විමසීම අද (06) උදෑසන 07.00 ට ආරම්භ කෙරිණ, අද පස්වරු 04.00 දක්වා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමෙන් මහා නගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 275ක් සඳහා නියෝජිතයන් 8,287ක් තෝරා පත්කර ගැනීමට නියමිත ය.

මෙම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධින කණ්ඩායම් 257කින් අපේක්ෂකයෝ 75,589ක් මැතිවරණයට ඉදිරිපත්ව සිටිති. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 5,783ක් පිහිටුවීමට කටයුතු කර ඇත.

Related posts

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට හෙට සිට බූස්ටර් මාත්‍රාව

Mohamed Dilsad

Bolivian Senator declares herself President

Mohamed Dilsad

களனி பல்கலைக்கழக மாணவி ஒருவர் மீது தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment