Trending Newsඑසැන පුවත්දේශීය

රට තුළ නීතිය හා සාමය ස්ථාපනය කරන්න මැදිහත් වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට තුළ මේ වන විට, නීතිය හා සාමය ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත්ව, මැර කණ්ඩායම් අතට නීතිය හා සාමය පත්ව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) තලවකැලේ දී පැවති සමඟි ජන බලවේගයේ මැයි දින රැළියේදී පැවසුවේය.

ඒ අනුව විපක්ෂයක් ලෙස හැම ගමකම හැම නගරයකම ආරක්ෂක කමිටු ස්ථාපනය කර එම මිනීමරු,මංකොල්ලකාරී,විෂමාචාරී කණ්ඩායම් කොන් කර නැවත වරක් නීතිය හා සාමය ස්ථාපනය කිරීමට මැදිහත් වන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. ඔබ සියලු දෙන දන්නවා අද වෙනකොට රටේ නීතිය සාමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මිනී මරුවෝ පාතාල කණ්ඩායම් කුඩු කණ්ඩායම් මැරවරයෝ කණ්ඩායම් අද නීතිය අතට අරගෙන තිබෙන්නේ. ගෙදරට ඇවිල්ලා මරන්නේ. කාමරේට ඇවිල්ලා මරන්නේ. මිදුලෙත් මරනවා. මහ පාරෙත මරනවා. වැඩ බිමේත් මරනවා. අන්තිමට යනකොටත් මරනවා. එනකොටත් මරනවා. උසාවිය භූමියේදීත් මරනවා. උසාවිය ඇතුළෙත් මරනවා. විනිසුරුවරුන්ට පේන්න මරන්නේ. මිනීමරුවෝ අද නීතිය හා සාමය අතට අරගෙන. අද රටේ නීතියක් නැහැ. නීතිය වල්බිහිවෙලා. කැළෑ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි අපි අදහස් කරනවා ප්‍රජා කේන්ද්‍රීය, ප්‍රජා ආරක්ෂක, ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙලක් ආයතන හරහා කරන්න.ප්‍රදේශයේ පොලීසිය,ආරක්ෂක අංශ, ආයතන ඔක්කොමත් එක්ක අපේ පළාත් පාලන ආයතන හරහා හැම වසමකම, හැම ගමකම, හැම නගරයකම ආරක්ෂක කමිටු ස්ථාපනය කරලා මිනීමරු කණ්ඩායම්, මංකොල්ල කණ්ඩායම්, සමාජයේ විෂමචාරී කණ්ඩායම් කොන් කරලා නැවතත් වරක් නීතිය හා සාමය ස්ථාපනය කරන්නට විපක්ෂයක් හැටියට අපිට කරන්න පුළුවන් අපේ යුතුකම ඔබත් සමඟ අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක කරනවා යැයි කීවේය.

Related posts

Sri Lanka will be the Asia’s Best Travel Destination

Mohamed Dilsad

கொழும்பு மாவட்டத்தின் பல இடங்களில் 18 மணி நேரம் நீர் விநியோக தடை

Mohamed Dilsad

ඉහළ කොත්මලේ ජලාශයේ තරුණයෙකුගේ මළ සිරුරක්

Mohamed Dilsad

Leave a Comment