Trending Newsඑසැන පුවත්දේශීය

ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පොලීසියට නියෝග කර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 478,000ක් වටිනා අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක්, ඇපල් මැක්බුක් පරිගණකයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කොටුව පොලීසිය මෝසමක් ගොනුකරමින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ය.

තුසිත හල්ලොලුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ සිට අමාත්‍යවරු රැසකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු වන අතර මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයේ සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ අයෙකි.

Related posts

මුදල් අවභාවිතා චෝදනාවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

නාකොටික් නිලධාරීන් 12ක් අධිකරණයට

Mohamed Dilsad

නුවරඑළියට යළි නිරෝධායන ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment