Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දිනය අද

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනය තුළ සිය සේවා ස්ථානයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බවය.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු පසුගිය 24 වන දින ආරම්භ වූ අතර 25 සහ 28 යන දිනවල දී ද ඒ සඳහා අවස්ථාව ලබාදී තිබිණ,

Related posts

ආනයනය සීමා කිරීම හේතුවෙන් වාහන මිලෙහි වෙනසක්

Mohamed Dilsad

Saudi Arabia revokes license of Qatar Airways

Mohamed Dilsad

අද පැය පහකට විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment