Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය අමාත්‍යාංශයක හිටපු අතිරේක ලේකම්වරයෙක් බන්ධනාගාර ගත කරයි.

දූෂණ චෝදනා මත අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ 2021 වසරේදී චීනයේ  ක්වීන්ඩෝ සීවින් බයියෝටෙච් නැමති සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් සම්බන්ධයෙනි.

අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අදාළ අතිරේක ලේකම්වරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු එළැඹෙන මැයි මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Related posts

වසන්ත කරන්නාගොඩ ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

UN Special Rapporteur to arrive in SL today

Mohamed Dilsad

University of Peradeniya Engineering Faculty Closed Indefinitely

Mohamed Dilsad

Leave a Comment