Trending Newsඑසැන පුවත්දේශීය

ගෝලීය ස්වෛරීත්ව ණය සමුළුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහභාගී වෙයි.

ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා සහභාගී වූහ.

ණය සම්බන්ධ අභියෝග සහ විසඳුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර පොදු අවබෝධය වැඩිදියුණු කිරීම සඳහා ණයගැති රටවල් සහ ණයහිමියන් පොදු වේදිකාවකට ගෙනඒමේ අරමුණින් 2023 වසරේ පෙබරවාරි මාසයේදී ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව පිහිටුවා ඇති බව සඳහන්.

ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවෙහි සම සභාපතීත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ G20 රටවල සභාපතීත්වය දරයි. ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදාගන්නා අතරම ණය අර්බුදයට ලක්ව ඇති රටවල් ණය ප්‍රතිව්‍යුගත කිරීම පිළිබඳව රටවල් ණය ප්‍රතිව්‍යුගත කිරීම සාර්ථකව නිම කිරීමෙන් පසු ණය පැහැරකිරීමේ තත්ත්වයෙන් ක්‍රමයෙන් ඉවත් වීම සහතික කිරීම සඳහා ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැවරෙන වැදගත් කාර්යභාරය ද අධිපතිවරයා අවධාරණය කර තිබේ.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට හැර සෙසු ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැය 8කට ඉවතට

Mohamed Dilsad

2019 Presidential Election to cost Rs.4 -5 billion – EC

Mohamed Dilsad

අම්මා ව සොයාගිය අයියා සහ නංගි ගේ සිරුරු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment