දේශීය

අම්මා ව සොයාගිය අයියා සහ නංගි ගේ සිරුරු හමුවෙයි

හාලිඇළ බෝගොඩ ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වූ දරුවන් දෙදෙනාගේ සිරුරු බෝගොඩ ඔයේ තිබිය දී සොයාගෙන තිබේ.

 

ප්‍රදේශයේ කුඩා දිය පහරකින් එගොඩවීමට උත්සාහ කිරීමේදී ඊයේ (23) පස්වරුවේ එම දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා තිබුණි.

 

දැරියගේ සිරුර ඊයේ රාත්‍රියේ ද පිරිමි දරුවාගේ සිරුර අද (24) පෙරවරුවේ ද සොයාගත් බව පොලීසිය පැවසීය.

 

තම මව නිවසට නොපැමිණීම හේතුවෙන් 10 හැවිරිදි පිරිමි දරුවා (අයියා) සහ 07 හැවිරිදි දැරිය (නංගී) මව සොයා ඊයේ පස්වරුවේ නිවසින් පිටවූ අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇත.

 

තේ දළු නෙලා යළි නිවසට පැමිණි මව දරුවන් නොමැතිවීම පිළිබඳ සොයාබලා ඇති අතර පසුව ප්‍රදේශවාසීන් ද එකතුවී දරුවන් සොයා තිබුණි.

 

එහිදී ඔවුන්ගේ කුඩයක් සහ හිස් වැසුමක් දියපහර ආසන්නයේ තිබී ප්‍රදේශවාසීන් විසින් සොයාගැනීමෙන් පසු දරුවන් දියපහරට ගසාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබුණි.

 

සිරුරු බදුල්ල රෝහල වෙත යොමු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

 

 

Related posts

ඇවන්ට්ගාඩ් නඩු විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රාජිතට එරෙහි නඩුවක් කැඳවීමට නියෝග

Mohamed Dilsad

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකෙරේ

Mohamed Dilsad

Leave a Comment