දේශීය

රාහුල් ගාන්ධි ගැන ඉන්දීය පාර්ලිමේන්තුව තීරණයක් ගනී

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ගේ මන්ත්‍රී පදවිය අත්හිටුවීමට එරට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

 

පාර්ලිමේන්තු නිවේදනයක ඒ බව දැක්වෙන බව ජාතන්තර මාධ්‍ය පැවසීය.

 

ඔහුට එරෙහිව එම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ට අපහාස කර ඇති බවට එරට පහළ අධිකරණයක් මගින් ඔහු වැරදිකරු බවට නියෝග කිරීම හේතුවෙනි.

 

එහිදී ගාන්ධිට එරෙහිව වසර දෙකක සිර දඬුවමක් පනවා තිබුණි.

 

2019 වසරේ කථාවක් අතරතුර “බොහෝ හොරුන්ට මෝදී” යන නම ඇති බව පවසා තිබුණි.

 

එම නඩුවේ තීන්දුව ලබාදීමෙන් අනතුරුව ඒ අවස්ථාවේදීම ගාන්ධි ට ඇප ලබාදී ඇති අතර ඔහුව වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුව මාසයකට අත්හිටුවීය.

 

Related posts

ශාන්ත බණ්ඩාර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නැවතත් ගුවන් ගමන් පහසුකම්

Mohamed Dilsad

ඉතිහාර්ඩ් ගුවන් සමාගම ගත් විශේෂ තීරණය

Mohamed Dilsad

Leave a Comment