දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නැවතත් ගුවන් ගමන් පහසුකම්

(UTV | කොළඹ) – ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහ හොංකොං යන රටවල, සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට සේවා සැපයීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබ්බට සංචාරය කිරීමට කැමති මගීන්ට දැන් ශ්‍රී ලංකන් කාර්යාල හරහා හෝ ඔබේ ළඟම සංචාරක නියෝජිතයා හරහා ගුවන් ටිකට්පත් මිලදී ගත හැකිය.

ඒ අනුව මැයි 13 වනදා සිට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙම විශේෂ සංචාරක ක්‍රමය යටතේ මගීන්ට ලන්ඩන් සහ ඉන් ඔබ්බට සංචාරය කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත සඳහා සහය දැක්වීම සඳහා ගුවන් සේවය ගමනාන්ත 17 ක් සඳහා විශේෂ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත.

ඊට මාලදිවයින වෙත සතිපතා ගුවන් ගමන් තුනක්, චෙන්නායි, හොංකොං, සිංගප්පූරුව, ලන්ඩන්, දෝහා, ඩුබායි, මෙල්බර්න්, බීජිං, ගුවැන්ෂු (කැන්ටන්) සහ ෂැංහයි වෙත සතියකට ගුවන් ගමන් දෙක බැගින් සිදු කිරීමට නියමිතයි.

මුම්බායි, කරච්චි, ලාහෝර්, ඩකා, ෆ්‍රැන්ක්ෆර්ට් සහ ටෝකියෝ වෙත සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක වන අතර  ඒ අතරින් ලන්ඩන්, ටෝකියෝ (නරීටා), මෙල්බර්න් සහ හොංකොං වෙත ගුවන් භාණ්ඩ මෙන්ම මගී ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

Related posts

හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ආරක්ෂාව සහිත වාහන ලබාදෙන ලෙස ඉල්ලයි

Editor O

පෞද්ගලික බස් රථ හිමියන්ට ලක්ෂ 3 ක මූල්‍ය පහසුකමක්

Mohamed Dilsad

අගමැති හැර මුලු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment