දේශීය

අගමැති හැර මුලු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හැර සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වන බවට පත්‍රිකාවකට අත්සන් ලබාගෙන ඇති අතර අමාත්‍ය මහින්ද අමරවීර එම ලේඛනයට පළමුව අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ.

ඒ සමග යමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අභයගුණවර්ධන යන අමාත්‍යවරුන් ද එම ලේඛනයට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම ලේඛනයට අත්සන් තැබීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එකඟ වී නැහැ.

මෙම පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අප්‍රසාදය ද පළවී තිබෙනවා.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි යන අමාත්‍යවරුන් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම විශේෂ කැබිනට් සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝව සාකච්ඡා වී ඇති බව සඳහන්.

එහිදී අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ තෙල්, විදුලි සහ ගෑස් ගැටළුවට හැකි වහාම විසඳුම් ලබාදීමට උපරිමයෙන් ක්‍රියා කළ යුතු බවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ මෙම විශේෂ රැස්වීමේදී සියලුම කැබිනට් අමාත්‍යවරුන් තම ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාරදුන් බවයි.

Related posts

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්

Mohamed Dilsad

මහ බැංකුව ප්‍රතිසංස්කරණයට පනතක් ?

Mohamed Dilsad

පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බහාලුම් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

Leave a Comment