දේශීය

දිස්ත්‍රික් 08 කට නාය යෑමේ අවදානම්

(UTV | කොළඹ) – පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල යක්කලමුල්ලෙන් වාර්තා වී තිබෙනවා. 

මේ අතර පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ දිස්ත්‍රික් 08 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හෙට පෙරවරු 10.30 දක්වා බලපැවැත්වෙන පරිදි නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කෑගල්ල, රත්නපුර, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජනතාව නාය යාම් අවදානම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ නායයාම් ලක්ෂණ පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

Related posts

කන්දකාඩු රැඳවියන් 201ක් රිමාන්ඩ් කිරීමට නියෝග

Mohamed Dilsad

හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදී සියලු සැමරුම් අවලංගුයි – ජනපති

Mohamed Dilsad

Leave a Comment