දේශීය

අර්බුද විසඳන්න අමාත්‍ය ධුර භාරගෙන එක්වන්න

(UTV | කොළඹ) – උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කරයි.

ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබේ. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.

සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව ඇති බවත් ඒ සඳහා අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කරන බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

මහින්දානන්දගේ අමාත්‍යාංශයට තවත් ආයතන කිහිපයක් එකතු වෙයි

Mohamed Dilsad

ලෝක කුසලාන පරාජයත් සමග සිදුවූ ඛේදවාචකයක්

Mohamed Dilsad

15,000 කට අධික ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ අවසන්

Mohamed Dilsad

Leave a Comment