දේශීය

ලෝක කුසලාන පරාජයත් සමග සිදුවූ ඛේදවාචකයක්

ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලද පරාජය දරාගත නොහැකිව ඉන්දීය ක්‍රීඩාලෝලීන් කිහිපදෙනෙකුට අත්වූ ඛේදනීය ඉරණමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක් ඉන්දීය ජාතිකයෙකු කම්පනයෙන් මියගොස් ඇති අතර, තවත් දෙදෙනකු සියදිවි නසාගෙන ඇති බවය.

 

පසුගිය ඉරිදා පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ ඉන්දියාව ලැබූ පරාජයත් සමඟ එතෙක් අපරාජිතව සිටි ඉන්දීය කණ්ඩායමට අනුශූරතාවයෙන් පමණක් සෑහීමට පත්වීමට සිදුවුණි.

 

ඉන්දීය කණ්ඩායම ලද මෙම පරාජය දරාගත නොහැකිව ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බන්කුරා දිස්ත්‍රික්කයේ 23 හැවිරිදි තරුණයෙක් ගෙළවැළලාගෙන මියගොස් තිබේ.

 

මේ අතර ගුවහාටි නුවර පුද්ගලයෙක් ඉන්දියාව ලද පරාජය නිසා ඇතිවූ කම්පනයෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඉන්දීය කණ්ඩායමේ පරාජයෙන් පසු දැඩි මානසික පීඩනයකට ලක්වූ ඔහු රාත්‍රී ආහාරයද නොගෙනම නින්දට ගොස් තිබූ අතර පසුව ප්‍රතිචාර නොදැක්වීම නිසා රෝහල්ගත කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් ඇතිබව දැනගෙන තිබේ.

 

මේ අතර ඔඩීෂා ප්‍රාන්තයේ ජායිපූර්හී තරුණයෙකුද ඉන්දීය කණ්ඩායමේ පරාජයෙන් පසුව කම්පනයට පත්ව ඇති අතර ඔහුද සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.

 

Related posts

තෙවැනි පාසල් වාරය අවසන් වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

පළායෑමට උත්සාහ කළ සිරකරුවාට වෙඩි

Mohamed Dilsad

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment