දේශීය

පළායෑමට උත්සාහ කළ සිරකරුවාට වෙඩි

කෑගල්ල බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ‍, අදාළ රැදවියා බන්ධනාගාරයේ කටයුතු සඳහා අලුයම යොදවා සිටි අවස්ථා‍වේ දී එම ස්ථානයෙන් පළායාමට උත්සහ කිරීමේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

 

මියගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

 

කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩත්තු නඩුවකින් අදාළ පුද්ගලයා බන්ධනාගාර ගතව ඇති බව පොලීසිය පැවසුවේය.

 

 

Related posts

21වනදා සිට ගුවන් තොටුපළ නිල වශයෙන් විවෘතයි

Mohamed Dilsad

ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ගැන නීතිපති පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩකරන්නන් සෙවීමට දිවයින පුරා පොලිස් නිළධාරීන් සිවිල් ඇඳුමෙන්

Mohamed Dilsad

Leave a Comment