දේශීය

පළායෑමට උත්සාහ කළ සිරකරුවාට වෙඩි

කෑගල්ල බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ‍, අදාළ රැදවියා බන්ධනාගාරයේ කටයුතු සඳහා අලුයම යොදවා සිටි අවස්ථා‍වේ දී එම ස්ථානයෙන් පළායාමට උත්සහ කිරීමේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

 

මියගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

 

කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩත්තු නඩුවකින් අදාළ පුද්ගලයා බන්ධනාගාර ගතව ඇති බව පොලීසිය පැවසුවේය.

 

 

Related posts

පොසොන් පෝය දිනයේ, බන්ධනාගාර රැඳවූන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්

Editor O

පොලිස්පතිට එරෙහි විශ්වාසභංගය ට සමගි ජන බලවේගයේ පූර්ණ සහය දෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

රාජාංගනය සහ කන්තලේ වාන් දොරටු විවෘත කරයි

Editor O

Leave a Comment