දේශීය

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මාර්තු 18 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, එදින පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන බවය.

 

එම විභාගය සඳහා පෙනී සිටින සියලුම අපේක්ෂකයින් සඳහා වන ප්‍රවේශ පත්‍ර පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු බව විභාග කොමසාරිස්වරයා පවසයි.

 

අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය, ජාතික හැඳුනුම්පත් අංක ස්ත්‍රී/පුරුෂ සංශෝධන එම වෙබ් අඩවිය තුළින්ම විදුහල්පතිවරුන්ගේ සහාය මත සිදුකළ යුතු වේ.

 

එමෙන්ම අදාළ සංශෝධන ලබන 12 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන අතර සංශෝධන දින නැවත දීර්ඝ නොකරන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

 

 

Related posts

ඩි.කේ.පි දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

Mohamed Dilsad

වැලිසර නාවික හමුදා කඳවුර යළිත් විවෘත කිරීමට සූදානම්

Mohamed Dilsad

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment