දේශීය

තෙවැනි පාසල් වාරය අවසන් වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

2023 තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 

ඒ අනුව තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පෙබරවාරි මස 02 වැනි දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ විය.

 

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිත ව ඇති බව ද වාර්තා වේ.

Related posts

මන්නාරම රෝහලකට රිෂාඩ් බදියුදීන්ගෙන් උපකරණ පරිත්‍යාගයක්

Editor O

හිටපු මහේස්ත්‍රාත්ගේ තිලිණ ගමගේගේ පෙත්සම ඉවතට

Mohamed Dilsad

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment