දේශීය

ඇවන්ට්ගාඩ් නඩු විභාගයට දින නියම කෙරේ

(UTV | කොළඹ) – කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා 19 කට අදාළ විභාගය මැයි මස 4 වනදා සිදු කරන බව නියෝග කළේය.

මෙම නඩු විභාගය ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස ගිනි අවි 816ක් සහ උණ්ඩ 202395 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ව සිදු කරනු ලබයි.

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන්නන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය සිදු කර ඇත.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමටද නියෝග කර තිබේ.

Related posts

මයන්ත සජබ තනතුරෙන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

හිරේ නොයා බෙහෙත් තුණ්ඩු ලියන්නේ කෙසේදැයි, විශේෂඥ දොස්තරලා, ඇමති නලින්දගෙන් අහයි..

Editor O

දිස්ත්‍රික්ක 04 කට නායයාමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment