දේශීය

හිටපු අමාත්‍ය රාජිතට එරෙහි නඩුවක් කැඳවීමට නියෝග

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් විභාගයට ගන්නා දිනය නියමකිරීම සඳහා එය ජුනි මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.   

එම නඩුව අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

2014 වසරේ අගෝස්තු මස පළමු වනදා සහ එම වසරේ නොවැම්බර් මස පළමු වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය “සී ගල්ෆ් යූ. කේ. ප්‍රයිවට් ලිමිටඩ්” නැමැති සමාගම වෙත අඩු මුදලකට බදුදීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනාකොට එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතුකළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනුකර තිබුණි.

එම ක්‍රියාව තුළින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සඳහන් දූෂණය නැමැති වරද සිදුකර ඇති බව මෙම අධිචෝදනා පත්‍රය තුළින් සඳහන් කර තිබේ.

Related posts

මුල්ලේරියාව රෝහලට අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරයක්

Mohamed Dilsad

මේ වසරේ ගතවූ කාලය තුළ රියදුරු බලපත්‍ර 3,200ක් අධිකරණයෙන් තාවකාලිකව තහනම් කරලා

Editor O

මුලතිව් දිස්ත්‍රික්කය මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව

Editor O

Leave a Comment