Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කාශ්මීරයේ යළිත් වෙඩි හුවමාරුවක්

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි හිදී පසුගිය 23 වන දින දේශීය සංචාරකයන් ඉළක්ක කර සිදු වූ වෙඩි තැබීමෙන් 26 දෙනෙකු මිය යෑමෙන් පසු, දෙරට අතර සබඳතා බිඳ වැටී ඇති අතර,  දෙවන වරටද දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ප්‍රහාරයේ වගකීම පකිස්ථානය පදනම් කරගත් ලෂ්කාර්-ඊ-තායිබා සන්නද්ධ කණ්ඩායම භාර ගැනීමත් සමඟ ඉන්දියාව හා පකිස්ථානය එකිනෙකාට එරෙහිව පියවර රැසක් අනුගමනය කරන ලදී.

ඉන්දියාව සියලුම පකිස්තනුවන්ට සිය රටෙන් පිටවන ලෙස පැය 48ක කාලයක් ලබා දුන් අතර වසර හයක් පැරණි ජල ගිවිසුමද අත්හිටුවන ලදී. පාකිස්තානය ද ඉන්දියානු ගුවන් සමාගම් සඳහා තම ගුවන් අවකාශය වසා දැමු අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී සඳහන් කර තිබුණේ, ත්‍රස්තවාදීන් පෘථිවියේ කෙළවර දක්වා දඩයම් කරන බවයි.

කෙසේ නමුත් මේ වන විට දෙපාර්ශවයම කාශ්මීර කලාපයේ හමුදා කඳවුරු සකසමින් සිටින අතර පකිස්ථානය ප්‍රහාරය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇති අතර ඔවුන් සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත්, සාමයට අනුග්‍රහය දක්වන බවත් ප්‍රකශ කර තිබේ.

Related posts

DNA පරීක්ෂණ වලට බාධාවක්

Mohamed Dilsad

පාසල් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු නොකරන ලෙස දන්වමින් චක්‍රලේඛයක්

Editor O

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක ගැටී දරුවෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment