දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට හැර සෙසු ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැය 8කට ඉවතට

(UTV|කොළඹ) – අද(23) පෙරවරු 6.00 සිට දිස්ත්‍රික් 8කට හැර සෙසු ප්‍රදේශ සඳහා ඇදිරි නීතිය ඉවත් කර තිබේ.

එම ප්‍රදේශවලට අද(23) පස්වරු 2.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා නැවත ඇදිරි නීතිය පනවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

පසුගිය සිකුරාදා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවනු ලැබූ අතර කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවලට ඇදිරි නීතිය හෙට උදෑසන 6.00 දක්වා දීර්ඝ කර තිබේ.

හෙට උදෑසන 6.00ට එම දිස්ත්‍රික් සදහා ඉවත් කරන ඇදිරි නීතිය හෙට පස්වරු 2.00 ට යළි පැනවීමට නියමිතයි.

Related posts

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද විවෘතයි

Mohamed Dilsad

රුපියල් බිලියන 4ක හෙරොයින් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

A/L සහ ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment