Trending Newsඑසැන පුවත්දේශීය

රැඳවුවන්ගේ බත්පතට බන්ධනාගාර නිලධාරීන් කරන වැඩක් ගැන බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් ප්‍රකාශයක්

බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසන්නේ, සිරකරුවන්ට නිවෙස්වලින් ගෙන එන ආහාර, නිලධාරීන් විසින් පරීක්ෂා කර, පරිභෝජනයට නුසුදුසු ලෙස හානි කරන බවයි. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ සඳහන් කළේ, “සිස්ටම් චේන්ජ්” කරන බව පැවසූ කිසිවෙක් මෙතෙක් එවැනි වෙනසක් සිදු නොකළ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සීලරතන හිමියන් පැවසුවේ, ”තමන්ගේ කෙනෙක් බන්ධනාගාර ගත වුණාට පස්සේ කෑම එකක් අරගෙන යනවා. බන්ධනාගාරයේ ඉන්න සමහර අය අර බත් පැකට් එක අරගෙන, හැන්දක් දාලා කරකවලා, කෝටුවක් දාලා කරකවලා, කන්න බැරි විදිහට ඒ බත් පැකට් එක හරියට පරිප්පු ගොඩක් වගේ අනලා, මිරිකලා දානවා බෑග් එකට. අධිකරණ ඇමතිතුමෝ, නානායක්කාර මහත්තයෝ, ඔබතුමාලා මේවා ගැන සොයන්නේ බලන් නැද්ද?

බන්ධනාගාරයේ ඉන්න අයටත් මේ මනුස්සයෝය කියලා. ඉතින් ඒ එක දැන් නැහැනේ. කරන්න. කුඩු තියෙනවා නම් අයිස් තියෙනවා නම්, ෆෝන් තියෙනවා නම්, අරවා මේවා තියෙනවා නම් ඒවට අහුවෙන ක්‍රමයක් හදන්න. අර කෑම එක ජරා තත්ත්වෙට ඒ පුද්ගලයට කන්න දෙන්න යන්න එපා. චේන්ජ් කරන්නම් කියලා ගිය එකෙක්වත් තාම සිස්ටම් චේන්ජ් කරලා නැහැ. මුන්ගේ සිස්ටම් එක චේන්ජ් කරගන්නවා, සාක්කු පුරවා ගන්නවා.”

Related posts

டெங்குவை ஒழிக்கும் புதிய நுளம்பின் ஊடாக டெங்கு நோயை கட்டுப்படுத்த எதிர்பார்ப்பு

Mohamed Dilsad

அரசியல் நடவடிக்கைகளில் சிறுவர்களை ஈடுபடுத்த வேண்டாம்

Mohamed Dilsad

மண்ணெண்ணெய் விலையை குறைக்கும் யோசனை

Mohamed Dilsad

Leave a Comment