Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිකම, තුනෙන් දෙකයි අරගෙන, ආණ්ඩුව කළේ බොරු කියපු එක විතරයි – දුමින්ද දිසානායක

එළඹෙන මැයි 06 වැනිදාට බොරු කියූ අයට පාඩමක් ඉගැන්වීමට ගම්වල ජනතාව සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පවසයි. මැතිවරණ ප්‍රතිඵළයේ ගණන් මිනුම් මේ මොහොතේ නොකියුවද මේ මොහොත වන විට භූමියේ අවශ්‍ය වැඩ කොටස කරමින් සිටින බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

“ජනාධිපතිකමත් දීලා, තුනෙන් දෙකේ බලයත් දීලා, අද මේ වෙද්දී මොනවා ද කරලා තියෙන්නේ. රටේ දැනෙන දෙයක් කරලා තියෙනවාද? තාමත් බොරු කියන එක ඇරෙන්න වෙන කිසිම දෙයක් අනුර කුමාරලා කරලා නැහැ.

තුනෙන් දෙක අරන් කරපු පළමු පත්වීම. ඇයි ඉල්ලා අස්වෙන්න වුණේ. අපි බලකරලා ද? බොරු සහතික ඉදිරිපත් කරලා. එකපාර බොරුයි කියල පිළිගන්නේ නැතුව කොච්චරකල් මේක ඇද්දද? මේ ආණ්ඩුව බොරුවෙන් හදපු ආණ්ඩුවක්. බොරු කියල ගත්ත ජනාධිපතිකමක්. ඒ නිසා ගම බොරු කියල ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ඉඩ දෙන්නෙත් නැහැ. විපක්ෂයේ ඉන්න කිසිම පක්ෂයක් ඉඩ දෙන්නෙත් නැහැ. අපි ඉඩ දෙන්න හැදුවත් මේ රටේ මිනිස්සු ඔළුව තියෙන මිනිස්සු සූදානම් නැහැ තුන්වෙනි පාර රැවටෙන්න.” ඒ අනුව ජනතාව නැවත වතාවක් පරණ දේශපාලනය ආරම්භ කරනු ඇතැයි මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි.

Related posts

Baghdadi death: Footage shows rubble of IS leader’s compound – [VIDEO]

Mohamed Dilsad

அபித்ஜானில் மழை வெள்ளத்துக்கு 18 பேர் பலி

Mohamed Dilsad

Deepika stops ‘Padmavati’ shooting due to back injury

Mohamed Dilsad

Leave a Comment