Trending Newsඑසැන පුවත්දේශීය

දළඳා මාළිගාවටත්, කතරගම පෙරහරටත්, පාර්ලිමේන්තුවටත් බෝම්බ ගහපු අය දළඳා ප්‍රදර්ශනයක් කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම භාවිතා කර එතුමාට ප්‍රහාර එල්ල කිරීමට නාට්‍යයක් නිර්මාණය කළද, ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ රනිල් වික්‍රමසිංහට අතවත් නොතබන බව සමඟි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (10) පාර්ලිමේන්තුවේ පැවති බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ විවාදයේදී ය.

පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. ” දැන් කතා කරනවා ටී 56 ගෙනල්ලා තමයි වෙඩි තිබ්බේ කියලා. ටී 56 ගත්තේ කොහොමද තමුන්නාන්සේලා? හමුදා කඳවුරුවලට පැනලා, ඒවා විනාශ කරලා. මම මෙතන සභාගත කරන්නම් හමුදා කඳවුරුවලට, පොලිසි කීයකට තමුන්නාන්සේලා ප්‍රහාර එල්ල කරාද කියලා. 1987 අපේල් 15, නුවර පල්ලෙකැලේ හමුඳා කඳවුර ටී 56 ගිනිඅවි 12යි. සබ්මැශීන් ගන් 7යි. 87 අප්‍රේල් 15, එදාම අනුරාධපුර යාපනය මාරගයේ සාලියපුර හමුදා කඳවුර, එදාම වැල්ලවාය හමුඳා කඳවුර. 1987 ජූනි 7 වැනිදා රත්මලාන කොතලාවල ආරක්ෂක පීඨය. 87 සැප්තැම්බර් 5, වාද්දුව යුද හමුදා කඳවුර. මේ හැම එකටම ගෙනල්ලා හමුදාවේ නිළධාරීන් මරලා දාලා. අවි ආයුධ ටික අරගෙන මොනාද කළේ? මොනාද කරන්න කියන්නේ රජයක් හැටියට? ඒක නිසා මම මේක සභාගටහ් කරනවා, හැන්සඩ් ගත කරනවා…

තමුන්නාන්සේලාගේ නායකයෝ, අපේ හර්ෂණ නානායක්කාර ඇමතිතුමා වගේ අහිංසක මිනිස්සු මේ වගේ අයට රැවටුනාට කරන්න දෙයක් නැහැ. මෙතුමා ඇත්තටම පව්….

තමුන්න්නාන්සේලා මහ ලොකුවට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරනවා, පාර්ලිමේන්තුවටත් තමුන්න්නාන්සේලා බෝම්බ ගැහුවා.දැන් මේ අමතක වෙලා. දළඳා මාළිගාවට විශේෂ දළඳා ප්‍රදර්ශනයක් කරනවා. දළඳා මාලිඟාවට බෝම්බ ගැහුවා. කතරගම පෙරහැරට බෝම්බ ගැහුවා…

බටලන්දේ විතරක් නෙමෙයි හැම දිස්ත්‍රික්කයකම මේ වගේ කඳවුරු තිබුණා. ඒ හමුදා කඳවුර තිබුණේ මේ රටේ ආරක්ෂාව ස්ථාපනය කරන්න. හමුදා කඳවුරු අමාරුවකට දැම්මේ නැහැ. එදා තිබුණු ජවිපෙ භීෂණය පාලනය කරන්න මේ වගේ හමුදා කඳවුරු දාන්න සිදුවුණා. එක්සත් ජාතික පක්ෂයේ වීම වරදක් ලෙස සලකා විශාල ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබුවා. මේ ආර්ථිකයට ජවිපෙ කරපු විනාශය කොපමණද? දේශපාලනඥයන් 70ක් ඝාතනය කළා. අධ්‍යාපනවේදීන්, ගුරුවරුන් 52ක් ඝාතනය කලා. ඔත්තුකරුවන් තුන්දාස් ගණනක් ඝාතනය කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ජවිපෙ ප්‍රචණ්ඩ කාල සීමාව දැඩිව බලපෑවා” යැයි ද කීවේය.

Related posts

ஜகத் விஜயவீர மற்றும் தாரக செனவிரத்ன விளக்கமறியலில்

Mohamed Dilsad

May to press Trump over bomb photo leaks

Mohamed Dilsad

අගමැති සහ සිපෙට්කෝ බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment