Trending Newsඑසැන පුවත්දේශීය

‘පැය තුනකින් අල්ලස් කොමිෂම රැස්කර ලිපි ගොනු සකසා සිතාසිත් එවලා.’ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් කොමිෂම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ අල්ලස් කොමිෂමේ ක්‍රියාපිළිවෙල සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවය.

තවද හිටපු ජනාධිපතිවරයාව කැඳවීමට දින ලබා දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහුත් ඔහුගේ නීතීඥයින් කොළඹ රැඳි නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමටත් පියවර ගෙන ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීම සම්බන්ධයෙන් viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්.

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති වශයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියා කර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවන සුළුය.

ඉහත ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ප්‍රථම වරට ප්‍රචාරය වූයේ ඊයේ (10) සවස හයටය.එදින රාත්‍රියේ සිට පසු දින කාර්යාල විවෘත වන වේලාව තෙක් කිසිදු නිලධාරියෙක් කොමිෂන් සභාවේ රාජකාරි නොකළ බව තහවුරු වෙයි.

කොමිසමට කැඳවීමට අදාළ ලිපිය viii වැනි විධායක ජනාධිපතිවරයාගේ කාර්යාලයට ලැබුණේ අද (11) දහවල් 12.30 ට පමණය. කොමිෂන් සභාවේ නියමය පරිදි හිටපු ජනාධිපතිවරයා එය හමුවට කැඳවන බව ලිපියේ සඳහන්ය. මේ අනුව පැහැදිලි වන කරුණු කීපයකි.

ප්‍රකාශය කර පැය 18 ක් ගත වීමට මත්තෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දීම කර තිබේ.

නිලධාරීන් කොමිසමේ රාජකාරි නොකරන රාත්‍රී කාලය අඩු කළ විට සියලු දේ සිදුව ඇත්තේ පැය තුනක පමණ කාලයක් ඇතුළතය. එම කාලය තුළ ඉහත ප්‍රකාශයට අදාළ ලිපි ගොණුව නිලධාරින් විසින් සකසා එය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර නියමය නිකුත් කිරීම වෙනුවෙන් කොමිෂන් සභාවද රැස්කර තිබෙන බව පැහැදිලිවම නිරීක්ෂණය වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙ ක්‍රියාකාරිත්වය ලෝක වාර්තාවක් තැබීමට සමාන වේ.අල්ලස් කොමිසම මීට පෙර ඒ ආකාරයට කිසි විටක ක්‍රියා කර නැත.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස viii වන විධායක ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළය. හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ නීතීඥයනුත් මේ කාලය තුළ කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගැනෙනු ඇත.

Related posts

The proposal for granting OMP member’s allowances to be presented the parliament today

Mohamed Dilsad

“Pink Legacy” diamond sells for more than $50M in new world record

Mohamed Dilsad

මැද පෙරදිග කලාපයේ ප්‍රථම යුනෙස්කෝ නිර්මාණාත්මක නගරය – ඩුබායි

Mohamed Dilsad

Leave a Comment