Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමේ නව ගිවිසුමකට එළඹෙයි

ලංකා විදුලිබල මණ්ඩලය සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුම අත්සන් කළ බව නිවේදනය කරයි. මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ උත්සාහයේ මෙය සැලකිය යුතු සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සළකනු ලබයි. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමත කළ මෙගාවොට් 350 ක සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.

එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන්, මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සැපයීමට නියමිත අතර තවත් මාස 12 කින් පසු, එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමටද සැලැසුම් කර තිබේ.

Related posts

அரசாங்க தரப்பின் முக்கிய கூட்டம் ஒன்று இன்று

Mohamed Dilsad

Bambalapitiya Hit-and-run: OIC still remains in critical condition

Mohamed Dilsad

Ideas of intellectuals obtained to enrich and nurish the draft of National Sustainability Discourse

Mohamed Dilsad

Leave a Comment