Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ නීතී කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණි දිනෙන් දින ඉහළ යමින් පවතී. ඒ අනුව මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පසුගිය මාර්තු මාසයේ 3 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 13කි. ඒ සමග පක්ෂ ආධාරකරුවන් 42ක් සහ වාහන 11ක් ද පොලීස් භාරයට ගෙන ඇත. ඊයේ (08) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 දක්වා කාලය තුළ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිල්ලක් ලැබී ඇත.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 12ක් ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි. මාර්තු 3 වන දින සිට අද දක්වා වාර්තා වී ඇති සමස්ත අපරාධමය පැමිණිලි ගණන 24කි. එම කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි 99ක් ද වාර්තා වී ඇත.

Related posts

හිටපු ඇමති මනූෂගේ ඇප ඉල්ලීම ට අධිකරණය දුන් නියෝගය

Editor O

பாராளுமன்றம் இன்று கூடுகிறது

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීන්ට ලැප්ටොප් : එකක වටිනාකම රු. ලක්ෂ 05 ඉක්මවයි.

Editor O

Leave a Comment