Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත්ගෙන්, ඉන්දීය අගමැති මෝදිට සුවිශේෂී සමරු තිළිණයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සුවිශේෂි දිවියෙකුගේ ජයාරූපයක් සමරුවක් ලෙස පිරි නමා තිබේ.. ඒ ඊයේ ( 05 ) කොළඹදී , ඉන්දීය අගමැතිවරයා සහ ඔහු අතර හමුව සිදුවූ අවස්ථාවේදීය .

විල්පත්තු ජාතික උද්‍යානයේ එක් ඇසක පෙනීම නැති ” අයි-වන් ” (eye-one) වශයෙන් හදුන්වන ගැහැණු දිවියෙකුගේ (female Sri Lankan Leopard: Panthera pardus kotiya) මෙම විශේෂ ඡායාරූපය , ඉන්දියානු අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට කොළඹදී පිළිගැන්වීමට ලැබීම ඉමහත් ගෞරවයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

” ඇගේ ආකර්ෂණීය නිල් ඇස , අභියෝගවලට මුහුණ දෙන ඇයගේ පැවැත්ම පිළිබඳව දීර්ඝ කතාවක් පවසයි. බොහෝ විට එය ග්ලූකෝමා, කැටරැක්ට්, හෝ යම් අනතුරකට ( possibly due to glaucoma, cataract, or trauma ) බදුන් වීම නිසා ඇතිවුන තත්ත්වයක් විය හැක . එහෙත් , ඇය වනාන්තරයේ ආරක්ෂාකාරීව නොසැලී සිටීම වනසත්ව ලෝකයේ අභියෝග ජය ගැනීමේ සංකේතයකි. කෙසේවුවද අවාසනාවන්ත ලෙස මෙම සුවිශේෂී සත්වයා පසුගිය වසර කිහිපයක සිටම දක්නට නොලැබුණ අතර ජීවත්ව සිටිනවාද යන්න සනාථ කර ගැනීමට නොහැකිව ඇත.” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේය .

සජිත්ගෙන් මෝදිට සමරුවක්

Related posts

இன்று முதல் விசேட டெங்கு ஒழிப்புத் திட்டம்

Mohamed Dilsad

විජිත් විජයමුනි පක්ෂයෙන් නෙරපයි

Mohamed Dilsad

Massive California wildfire becomes fifth largest in US history

Mohamed Dilsad

Leave a Comment