Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දීය අගමැති මෝදිගේ, සංචාරය හේතුවෙන් අද ක්‍රියාත්මක රථවාහන සැලැස්ම මෙන්න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් සිදුකරන රථවාහන සැලැස්මට අනුව කොළඹ අවට මාර්ග වසාතැබෙන ආකාරය සම්බන්ධයෙන් පොලීසිය විසින් අද (05) නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මාර්ගයන් වසා තැබෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග මහජනතාවට සහ රියැදුරන්ට භාවිතා කළ හැකි බව එම නිවේදනයේ දැක්වේ.

අද ගාලු මුවදොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීම

මාර්ගය වසා තැබීම සම්බන්ධව

ගාලු මුවදොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ගමන් කිරීමට නියමිත අතර පෙරවරු 08.00 සිට ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණෙන තුරු ගාලු මුවදොර වටරවුම, ගාලු පාර කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය මාකස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, ඇල්බට් ක්‍රසන්ට්, නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් මාවත, නිදහස් වටරවුම නිදහස් චතුරශ්‍රය දක්වා මාර්ගයන් වසා තැබෙන අතර එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.

විකල්ප මාර්ග

කොළඹට ඇතුළු වන වාහන තුම්මුල්ල, බෞද්ධාලෝක මාවත, විජේරාම හන්දියෙන් වමට,හොර්ටන් විජේරාම, ඇස් වාට්ටුව හරහා කොළඹ දෙසට ගමන් කළ හැක.

කොළඹින් පිටවීම ධර්මපාල මාවත, ඇස් වාට්ටුව, හෝර්ටන් වට රවුමෙන් වමට හැරී බෞද්ධාලෝක මාවත ඔස්සේ පිටවීම.

ගාලු මුවදොර සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම

මාර්ගය වසා තැබීම සම්බන්ධව

ගාලු මුවදොර සිට ගාලු මැද පාර , ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගරු අග්‍රාමාත්‍ය තුමා ගමන් කිරීමට නියමිත අතර එම මාර්ගය පෙරවරු 09.00 සිට ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණෙන තුරු වසා තැබෙන අතර එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.

විකල්ප මාර්ග

කොළඹට ඇතුළු වන වාහන කොල්ලුපිටිය හන්දියෙන් පිත්තල හන්දියෙන් වමට හැරි ගංගාරාමය හරහා කොම්පඤ්ඤ වීදිය හන්දිය, සෙරමික් හන්දිය, කොළඹට ඇතුළු විය හැක.

කොළඹින් පිටවන වාහන සඳහාද එම මාර්ගය භාවිතා කිරීමට හැකියාව ඇත.

ගාලු මුවදොර සිට පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා ගමන් කිරීම

මාර්ගය වසා තැබීම සම්බන්ධව

ගාලු මුවදොර සිට ගාලු මැදපාර පැලවත්ත අපේ ගම පරිශ්‍රය දක්වා ගරු අග්‍රාමාත්‍යතුමා ගමන් කිරීමට නියමිත අතර ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, පුස්තකාල හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වටරවුම, හෝර්ටන් කිංසි හන්දිය, ඩඩ්ලි සේනානායක මාවත, ඩී.එස් හන්දිය, මොඩල් ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය,ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය, පොල්දූව හන්දිය, පාර්ලිමේන්තු මාර්ගය පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා පස්වරු 04.00 සිට එම මාර්ගයන් වසා තැබීම හා ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණීම දක්වා එම මාර්ගයන්හි ප්‍රභූවරයා ඇතුළු රථ පෙල පසු කරනු ලබන මංසන්ධි අනුව පිළිවෙලින් එම මාර්ගයන් විවෘත කිරීම සිදු කරනු ලබයි.

විකල්ප මාර්ග

කොළඹින් පිටවීම

බණ්ඩාරනායකපුර හන්දිය, කොටා පාර ඔස්සේ බුත්ගමුව අඹගහ හන්දියෙන් දකුණට හැරී කොස්වත්ත හන්දියෙන් කඩුවෙල දෙසට

පරණ කොටාපාර ඔස්සේ වැලිකඩ හන්දිය, නාවල පාර ඔස්සේ හයිලෙවල් මාර්ගයට

කොළඹට ඇතුළු වීම

පැලවත්ත, පාලංතුන මංසන්ධියෙන් දකුණට හැරී කොස්වත්ත මාර්ගයේ

අඹගහ හන්දියෙන් දකුණට හැරී අයි.ඩී.එච් හරහා පරණ අවිස්සාවේල් මාර්ගයෙන් කොළඹට ඇතුල්විය හැක.

ගාලු මුවදොර සිට ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීම

මාර්ගය වසා තැබීම සම්බන්ධව

ගාලු මුව දොර සිට ජනාධිපති මන්දිරය දක්වා ගරු අග්‍රාමාත්‍යතුමා ගමන් කිරීමට නියමිත අතර ගාලු මැද පාර, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මන්දිරය දක්වා පස්වරු 06.00 සිට ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණෙන තුරු එම මාර්ගය වසා තැබෙන අතර එම කාලය තුළ පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.

විකල්ප මාර්ග

කොල්ලුපිටිය හන්දියෙන් පිත්තල හන්දියෙන් වමට හැරී ගංගාරාමය හරහා කොම්පඤ්ඤවීදිය හන්දිය, සෙරමික් හන්දියෙන් කොළඹට ඇතුළු විය
හැක.

කොළඹින් පිටවන වාහන සඳහා ද එම මාර්ගය භාවිතා කිරීමට හැකියාව ඇත

Related posts

Sri Lanka and South Korea discuss maritime cooperation

Mohamed Dilsad

Visakha Vidyalaya Colombo celebrates 100 years with Centenary walk

Mohamed Dilsad

Showers to continue – Met. Department

Mohamed Dilsad

Leave a Comment