Trending Newsඑසැන පුවත්දේශීය

තිස්ස රජ මහා විහාරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුලු පිරිසක් පොලීසිය සමග ගැටේ…!

යාපනය තිස්ස රජමහා විහාරස්ථානය ආශ්‍රිත පැවැත්වීමට සූදානම් කතර ඇති ආගමික උත්සවයකට ප්‍රදේශයේ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විරෝධය පළ කරමින් අද (21) පැවැති උද්ඝෝෂණයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. .

එම ස්ථානයට රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ඇතුලු ප්‍රාදේශීය දේශපාලකයින් පිරිසක් කළහකාරී ලෙස හැසිරීම පාලනය කිරීමට පොලීසිය මැදිහත්ව සිටියහ.

එම දේශපාලනඥයින් ඇතුළු පිරිස පොලීසියේ රාජකාරිවලට බාධාවන ලෙස ඔවුන් තල්ලුකර දමා විහරස්ථානයට පිවිසීමට ගත් උත්සාහයේ දී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ප්‍රදේශයේ දේශපාලනඥයින් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. .එම පිරිස අතර වේලන් ස්වාමි ඇතුළු සිව්දෙනෙකු සිටින බව සඳහන්.

යාපනය, ටයිටි හි පිහිටුවා ඇති කෝවිල අසළ නොසන්සුන්කාරී තත්වයක් පවතින බව සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මාර්ගය හරස් කරමින් පිරිසක් සමග බිම වාඩිවී විරෝධයේ නිරතව සිටියහ

. .

Related posts

Top global IP Experts at Geneva backed Colombo deliberations

Mohamed Dilsad

තවත් අමාත්‍යාංශ තුනකට ලේකම්වරු පත්කෙරේ

Mohamed Dilsad

ඇමෙරිකා ඩොලරය රු. 312 යි. මාස 20කට පසු ඉහළ ම අගය

Editor O

Leave a Comment