Trending Newsඑසැන පුවත්දේශීය

මියන්මාර පීඩාවට පත් ජනතාවට සහන සලසන්න ශ්‍රී ලංකාවෙන් හමුදා කණ්ඩායම් 3 ක්

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැගත් පළමු විශේෂ ගුවන් යානය අද (05) මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතයි. ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, වෛද්‍ය කණ්ඩායමක්, ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම සහන කණ්ඩායමක් ඒ අතර වන බවයි.

එසේම විපතට පත් ජනතාව වෙනුවෙන් ත්‍රෛනීකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස් කල ආධාර තොගයද එම ගුවන් යානයෙන් රැගෙන යාමට නියමිතයි. අදාළ ගුවන් යානය අද (05) පෙරවරුවේ මියන්මාරය බලා පිටත්ව යාමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් ක‍ළේය.

Related posts

வைரமுத்துவையே கல்யாணம் செஞ்சிருக்கலாம்-சின்மயி சொன்ன பதில்

Mohamed Dilsad

மும்பையில் உள்ள வைத்தியசாலையொன்றில் ஏற்பட்ட தீ விபத்தில் 8 ​பேர் உயிரிழப்பு

Mohamed Dilsad

பழைய நினைவுகளை இழந்தார் பிரேசில் ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment