Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණ නීතිය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

පළාත් පාලන මැතිවරණ පනත හා වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව තවත් අදියරක් අද (04) රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

මේ සඳහා රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගීවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මීට අමතරව මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් දැනුවත් කෙරෙනු ඇත.

මෙම වැඩසටහනේ අදියර කිහිපයක් පසුගිය දා බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර දිවයිනම ආවරණය වෙන පරිදි මෙම වැඩසටහන් පවත්වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

Lankans who travelled illegally to Reunion Island handed over to CID

Mohamed Dilsad

Lankan attempting illegal entry arrested in Tamil Nadu

Mohamed Dilsad

Govt. to provide playlist for buses from next year

Mohamed Dilsad

Leave a Comment