Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණ නීතිය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

පළාත් පාලන මැතිවරණ පනත හා වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව තවත් අදියරක් අද (04) රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

මේ සඳහා රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගීවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මීට අමතරව මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් දැනුවත් කෙරෙනු ඇත.

මෙම වැඩසටහනේ අදියර කිහිපයක් පසුගිය දා බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර දිවයිනම ආවරණය වෙන පරිදි මෙම වැඩසටහන් පවත්වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

நாடாளுமன்ற உறுப்பினர் சனத் நிஷாந்த மற்றும் அவரது சகோதாரர் விளக்கமறியல் காலம் நீடிப்பு

Mohamed Dilsad

NASA administrator supports Trump ‘space force’ proposal

Mohamed Dilsad

මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාල සීමාවක්

Mohamed Dilsad

Leave a Comment