Trending Newsඑසැන පුවත්දේශීය

නීතීඥ විභාගයේදී, නාමල් රාජපක්ෂ වංචාවක් කළේදැයි විමර්ශනය කරන ලෙස අධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥ වෘත්තීය වංචනිකව ලබාගෙන තිබේද? යන්න පිළිබඳව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද (03) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂ මහතාගේ නිතීඥ භාවය ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

රහස් පොලිසිය මගින් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස හෝ දූෂණය නාස්තිය පිටුදැකීමේ පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

නාමල් රාජපක්ෂ මහතා නීතිඥ භාවය ලබා ගැනීමට අදාළ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දීමේ දී වංචාවක් සිදු කර ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරමින් එම විමර්ශනය දියත් කර ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

සභාපති ජාමුනි කමන්ත මහතාද පසුගිය දි⁣නෙක මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දි තිබුණි.

Related posts

Mandla Maseko: Would-be African astronaut dies in road crash

Mohamed Dilsad

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුව අතට

Mohamed Dilsad

Trump says Huawei could be part of trade deal

Mohamed Dilsad

Leave a Comment