Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇමෙරිකා ජනාධිපතිගේ තීරණයකින්, ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇති පසුබිමක අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණි.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 349.84කින් පහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 119.30කින් පහළ ගොස් තිබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,657.60ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 4,643.32ක් ලෙසත් සටහන් වී තිබේ. අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.82 ක් ලෙසින් වාර්තා වේ.

Related posts

කොළඹ වාහන තදබදයට ‘Park and Drive’ ක්‍රමවේදය නුදුරේදීම

Mohamed Dilsad

சர்ச்சைக்குரிய கருத்தை வெளியிட்ட சட்டத்தரணி சுகந்திகா தற்காலிகமாக நீக்கம்

Mohamed Dilsad

බලය බෙදීම සහ දේශපාලන විසඳුම් පිළිබඳ ජනාධිපති සමග සාකච්ඡා කළා – ශානක්‍යන් රාසමාණිකම්

Editor O

Leave a Comment