Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ටිරාන් අලස් ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

වැලිගම හෝටලයක් අසලදි 2023 වසරේ සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඟඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු අමාත්‍යවරයා හෙට කැඳවා ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇති බව අදාළ උසස් නිලධාරියා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී. 2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයෙ ඇතිවූ වෙඩි තැබිමන් අතර තුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකු මියයාමේ සිද්ධියක් වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් එවකට වැඩබලන පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

Related posts

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 04ක් ඉල්ලා අස්වීමේ සූදානමක්….?

Editor O

Microsoft நிறுவனம் விடுத்துள்ள எச்சரிக்கை

Mohamed Dilsad

Ranatunga says crude oil prices will come down

Mohamed Dilsad

Leave a Comment