Trending Newsඑසැන පුවත්දේශීය

සීඅයිඩී එකට වැඩ වැඩිවෙලා, 159 දෙනෙකුගේ ආචාර්යය මහාචාර්යය පට්ටම් හොයන්න වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” නමින් යුත් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කරන විටත් එහි ඇත්තේ බොරු යැයි වත්මන් ඇමතිවරුන් දැන සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. පළාත් පාලන ආයතන අපේක්ෂකයන්ගේ රැස්වීමකදී නාමල් රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. “ආණ්ඩුවේ සමහර ඇමතිවරු මාධ්‍යයට ඇවිල්ලා කියනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන හැම එකක්ම කරන්න් ඕනෙත් නැහැයි කියලා. එතකොට ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රින්ට් කරනකොටම දන්නවා බොරු ලිව්වේ කියලා. තවත් සමහරු කියනවා අපි දැනන් හිටියෙ නෑ මේක මෙච්චර අමාරු වැඩක්ය කියලා. එදා තමන්ගෙ මැතිවරණයට ගෙයින්ගෙට ඇවිද්ද උපාධිධාරීන්ට පාරදිගේ එළව එළවා බැටන් පොල්ලෙන් ගහනවා. දැන් ආයෙ දේශපාලන දඩයම ක්‍රියාත්මක වෙනවා එක පැත්තකින්. අපට නම් ඒක පුරුදුයි, මට විතරක් නෙවෙයි අපේ ආච්චිටත් පුරුදුයි. 97 යි වයස. ආච්චිත් ඇප පිට ඉන්නෙ. පහුගිය කාලෙත් ගිහිල්ලා කට උත්තරයක් දීලා ආවා. දැන් චාමර සම්පත් මන්ත්‍රීතුමාව මං දැක්කා රක්ෂිත බන්ධනාගාරගත කරලා. වැරදි පෙන්නනකොට, පාර්ලිමේන්තුවේ හඬක් නැඟුවාම ටික කාලයක් යනකොට රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මාව දාන්න ට්‍රයි කළා, හරි ගියෙ නෑ, හැබැයි මල්ලිවයි ආච්චිවයි දැම්මා. මාව දාන්න තවම උත්සාහ කරනවා. ඒකෙ ප්‍රශ්නයක් නෑ, අපි බය නෑ. අපිට හිරගෙදරත් එකයි රජගෙදරත් එකයි. දැන් මහාචාර්ය ආචාර්යවරු 159ක් පාර්ලිමේන්තුවට යැව්වා. CID එකට වැඩ වැඩියි දැන්, මොකද ඒ අයගේ මහාචාර්ය ආචාර්යකම් හොයන්න වෙලා. වෙන දේවල් හොයන්න වෙලාවක් නෑ. එක්කෝ ඒ අයගේ පවුල් ප්‍රශ්න. මහත්තයාගෙ වාහනේ නෝනා ගෙනිහිල්ලා, නෝනාගෙ වාහනේ මහත්තයා ගෙනිහිල්ලා. අද පොලීසියට වැඩ වැඩියි ඒවා හින්දා” යැයි ද කීවේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඉසුරු දොඩංගොඩ, මොහාන් ප්‍රියදර්ශන යන මහත්වරු ඇතුළු පළාත් පාලන අපේක්ෂකයින් රැසක් සහභාගී වූහ.

Related posts

இலங்கை முழுவதும் 2200 க்கும் அதிகமான கண்காணிப்பாளர்கள் கடமைகளில்

Mohamed Dilsad

කිරි පිටි මෙන් ඉටිපන්දම් හිඟයක්?

Mohamed Dilsad

Gazette on Ministry Institutions sent for print

Mohamed Dilsad

Leave a Comment