දේශීය

විදුලි වෘත්තිය සමිති යළි අරගලයකට සැරසේ

(UTV | කොළඹ) – ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබා දීමට එරෙහිව, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග එක්ව ඒකාබද්ධ වර්ජනයකට අවතීර්ණ වන බව තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පස්වරුවේ සෙසු වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් කැඳවමින්.

ඊයේ පස්වරුවේ පැවති එම සාකච්ඡාවට ලංකා විදුලි බල මණ්ඩලය, වරාය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය යන ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නායකයින්ද එක්ව සිටියා.

Related posts

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය පත්වෙයි.

Editor O

පොලිස් අණ නොතකා පළාගිය 4දෙනා රිමාන්ඞ්

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment