දේශීය

පොලිස් අණ නොතකා පළාගිය 4දෙනා රිමාන්ඞ්

(UTV |කොළඹ ) – පොලිස් අණ නොතකා පළායාමේදි පානදුරදී පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තුවාල නොලැබූ 4 වන සැකකරු සහ පානදුර රෝහලේ සිටින සැකකරුවන් දෙදෙනාද ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එගොඩඋයන පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිසක් බව පොලිසිය සඳහන් කරයි.

Related posts

රූබෙල්ලා සහ සරම්ප එන්නත් වැඩ සටහනේ පළමු දින 05 තුළ නිවාස 90,000ක් ආයතන 2,000ක් ආවරණය කරයි

Editor O

හුදකලා ප්‍රදේශ වල රෝගීන් ගෙන යාමට විශේෂ ගිලන්රථ සේවාවක්

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට සැත්කමක්

Editor O

Leave a Comment