Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දුට සැඟව සිටීමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් දී තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් පෙබරවාරි මස 27 සිට මාර්තු මස 19 වෙනි දින දක්වා සැඟව සිටීමට පහසුකම් සහ ආධාර අනුබල දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු තලවතුගොඩ පදිංචි අයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

Related posts

தரம் ஒன்றுக்கு மாணவர்களை இணைத்துக் கொள்வதற்கான விண்ணப்பங்களை ஏற்றுக்கொளவதற்கான கால எல்லை நீடிப்பு

Mohamed Dilsad

பிற்போடப்பட்ட வருடாந்த கிரிக்கெட் போட்டிகள் இம்மாதம் நடைபெறும்

Mohamed Dilsad

ஶ்ரீ.சு.கட்சியில் இருந்து நீக்கியமை தொடர்பில் தெரியாது – பௌசி

Mohamed Dilsad

Leave a Comment