Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දුට සැඟව සිටීමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් දී තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් පෙබරවාරි මස 27 සිට මාර්තු මස 19 වෙනි දින දක්වා සැඟව සිටීමට පහසුකම් සහ ආධාර අනුබල දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු තලවතුගොඩ පදිංචි අයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

Related posts

ඩොලරය තවදුරටත් ඉහළට

Mohamed Dilsad

අජිත් රෝහණ කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

நிதி ஒதுக்கீட்டு சட்டமூலம் இன்று பாராளுமன்றில் சமர்ப்பிக்கப்பட்டது

Mohamed Dilsad

Leave a Comment