දේශීයව්‍යාපාරික

ඩොලරය තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (07) දිනයේ දී රු. 202.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

දිනපතා ප්‍රකාශයට පත්කරනු ලබන විනිමය අනුපාතික සටහන හරහා මහ බැංකුව මේ බව අනාවරණය කර සිටී. අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල ද මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. 198.56 ක් දක්වා වැඩි වී තිබේ.

මීට පෙර ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැනුම් (රු. 198.00) හා විකුණුම් (රු. 202.70) අනුපාතිකයන් ඊයේ (06) දිනයේ දී වාර්තා විය.

මේ අතර වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 204.78 ක්, මහජන බැංකුව රු. 206.49 ක්, කොමර්ෂල් බැංකුව රු. 203.90 ක් හා සම්පත් බැංකුව රු. 203.50 ක් ලෙසින් අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

 

Related posts

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් ගුවන් යානා දෙකක් කටුනායකට

Editor O

ආචාර්ය හර්ෂ ද සිල්වා රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට

Mohamed Dilsad

ඖෂධ වර්ග 300 වැඩි ප්‍රමාණයක් හිඟයි…! ගේන්න මාස 09ක්…? – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment