Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

භූ කම්පනයක් හේතුවෙන් බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය.

එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. භූකම්පනයෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් අගනුවරද ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර බැංකොක් නුවර මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ගොඩනැගිල්ලේ පුද්ගලයින් 50 දෙනෙකු බවද සිට ඇති බවද පවසන විදෙස් වාර්තා ඉන් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසීය. මැන්ඩලේ යනු මියන්මාරයේ සංස්කෘතික සහ ආගමික අගනුවර වෙන අතර මිලියනයක පමණ ජනතාවක් එහි වාසය කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. බෞද්ධ ආරාම සහ රජවරුන් රැඳීසිටි මාලිගාවක් ද එහි පවතින බව සඳහන් වෙයි.

මෙම නගරය ප්‍රධාන සැපයුම් සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලන අතර මියන්මාරයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන චීනයේ දේශසීමාවට යන ප්‍රධාන වෙළෙඳ මාර්ගය ද එය අවසානයේ පිහිටා තිබේ.

මේ අතර මැන්ඩලේ ගුවන්තොටුපොළේ මගී ජනතාව සහ කාර්යමණ්ඩලය ඉන් ඉවත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ මැන්ඩලේ නගරයේ ඇතැම් මාර්ග ඉරිතලා ගොස් ඇති බවය.

Related posts

மழை அல்லது இடியுடன் கூடிய மழை…

Mohamed Dilsad

TID summons Sivajalingam

Mohamed Dilsad

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරක්

Mohamed Dilsad

Leave a Comment