Trending Newsඑසැන පුවත්දේශීය

ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි, අනුරගේ ආණ්ඩුව කෙඳිරි ගානවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට අනුරට දී ජනතාව අන්ත දුක්ඛිත අන්ත දුෂ්කර ජීවිතයකට යොමු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නිවසට ලැබෙන ආදායමේ වර්ධනයක් නැති වුවද බඩු මිල අහස උසට වැඩි වී ජනතාව අමාරුවෙන් ජීවත් වන බවත් එදිනෙදා ජීවිතය අමාරුවෙන් පිරිමසාගන්නා බවයි ඒ මහතා සඳහන් කර සිටියේ. තවද මේ රජය ජනතාව මත පීඩනය පටවන්න දක්ෂ බවත් හාල් පොල් ආදී අත්‍යාවශ්‍ය ආහාර පානවල මිල ඉහළට නැංවී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.

ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දෙනවිට රජය සහ රජයේ නියෝජිතයන් කෙඳිරි ගාන බවද ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති වී බරපතල ඖෂධ හිඟයක් පැවතීම ආදිය සිදුවන බවත් රෝහල් පද්ධතියේ ඖෂධ හිඟවීම බරපතල ගැටලුවක් බවත් ඖෂධ නොමැතිව රෝගීන්ගේ ජීවිත බේරා ගන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී.

Related posts

Sleepless Tsitsipas targets top-three breakthrough

Mohamed Dilsad

Ella – Wellawaya Road to remain closed until further notice

Mohamed Dilsad

பாகிஸ்தான் – இலங்கை மகளிர் கிரிக்கட் அணி ஒருநாள் தொடர் இன்று ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment