Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ආනයනයට, ඩොලර් මිලියන දෙසීයක ණයවර ලිපි විවෘත කරලා – මහ බැංකු අධිපති

වාහන ආනයනය ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා වූ කාලයේදී ඩොලර් මිලියන 200 පමණ ණයවර ලිපි විවෘත කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

මේ වසරේදී වාහන අායනය සඳහා ඩොලර් බිලියනයක පමණ මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. ඒ අනුව ඉදිරි මාස නවයක කාලය සඳහා තවත් ඩොලර් මිලියන 800 ක් පමණ වෙන් කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වෙයි.

මෙම මුදල වෙන් කිරීමෙන් මෙරට විදෙස් සංචිතවලට බලපෑමක් ඇත්දැයි දැන්ම පැවසිය නොහැකි බවද හෙතෙම කියා සිටියේය. මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

 ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ අරමුණින් නව එන්නතක්

Mohamed Dilsad

இந்திய கடற்றொழிலாளர் மீது துப்பாக்கிச் சூடு நடத்த வேண்டிய தேவை இலங்கை கடற்படைக்கு இல்லை – கடற்படைத் தளபதி

Mohamed Dilsad

Cabinet approves to integrate to SAITM students to KDU

Mohamed Dilsad

Leave a Comment