Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රතිපත්ති පොලී අනුපාතය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය කර ති‌බේ.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

කොරෝනා ගැන සමාජ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුවීම් පිළිබඳ CID විමර්ශන

Mohamed Dilsad

දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

අනුන් කරපු දෙයකට මට වන්දි ගෙවන්න වෙලා – මෛත්‍

Mohamed Dilsad

Leave a Comment