Trending Newsඑසැන පුවත්දේශීය

මෙරට හමුදා ප්‍රධානීන්ට බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ඉවත් කර ගැනීම ට අනුරගේ ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් ඇතුලු සිව් දෙනෙකුට බ්‍රිතාන්‍ය රජය විසින් පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මෙම ක්‍රියාව කුමන්ත්‍රණයක් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද සඳහන් කරයි. ආරක්ෂක ප්‍රධානීන් මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කරපු අය. ඒ අය මිනිස්සු මැරුවේ නෑ. අවසාන සති දෙක මතක ඇති. අපි මැරිලා උපන්නේ නෑ. ජාතීවාදි විදියට ඒ අය විනාශයන් කළේ නෑ. මම අවස්ථා 5කදී වැඩබලන ආරක්ෂක ඇමති විදිහට හිටියා. ප්‍රභාකරන් මැරෙද්දිත් වැඩබලන ආරක්ෂක ඇමති මම. ඉතිං මම දන්නවා අවසාන සති දෙකේ මොකද වුණේ කියලා. ඒ නිසා අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට මේ කරපු දේ ඉතාම අසාධාරණයි. මේ අය රට වෙනුවෙන් කැපවෙච්ච පිරිසක්. අපේ රණවිරුවෝ ජීවිත කොච්චරක් පූජා කළාද? ඒ කළේ රට වෙනුවෙන්. ඇල්ෆ්‍රඩ් දොරයප්පා, අමිර්තලිංගම් වගේ අය එල්.ටී.ටී.ය මැරුවා. ඒ අය මැරුවේ ඇයි ? මේවා ගැන කතා කරන්න ඕනේ. ඒත් අපේ හමුදා සාමාජිකයින්ට කරපු දේ කුමන්ත්‍රණයක්. ජනතාව අවධියෙන් ඉන්න ඕනේ. යුද්ධය ඉවර වුණේ නැත්නම් කොළඹවත් පොළොන්නරුවත් ඉතුරු වෙන්නේ නෑ. මම දැඩි ලෙස කම්පනයට පත්වෙනවා වගේම කණගාටුවට පත්වෙනවා මේ රට බේරගත්ත ජාතික වීරයින්ට ජාත්‍යන්තර වශයෙන් කරපු අසාධාරණයට”

Related posts

German van attack suspect had mental health issues

Mohamed Dilsad

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

ரதுபஸ்வல சம்பவம் – பிரிகேடியர் மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment