Trending Newsඑසැන පුවත්දේශීය

සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්…?

මුළු රටට ම මාස හතක බරපතළ සහල් හිඟයකට මුහුණදීමට සිදුවන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අනතුරු අඟවයි. මාස් කන්නයේ වී වගාව අවස්ථා දෙකක දී ගංවතුරට හසුවීමෙන් සිදු වූ විනාශය සහල් හිඟයට බලපාන බව හෙතෙම කියයි.

2024/25 මාස් කන්නයේ දී හෙක්ටයාර් අට ලක්ෂ පනස්දහසක පමණ වී වගා කළ බව කී සභාපතිවරයා ගංවතුරින් බරපතළ හානි සිදු වූ උතුරු නැඟෙනහිර පළාත් ඇතුළු දිවයින පුරා වී වගාවට ඇති වූ හානියෙන් අපේක්ෂිත අස්වැන්න සියයට 20ක් රටට අහිමි වන බව පැවැසීය. අස්වනු නෙළීමට ආසන්න වී වගාවන්ට වල් අලින් ඇතුළු වන සතුන්ගෙන් හානි වන නිසා අස්වැන්න තවදුරටත් පහළ යනු ඇති බව ද පැවැසීය.

ඇති වන සහල් හිඟයට මුහුණදීමට ඉදිරි යල කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ 07 ක වී වගාවට අවධානය යොමු කළ යුතු බව ද අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

දෛනික සහල් පරිභෝජනය මෙටි්‍රක් ටොන් 6500ක් බවත් වාර්ෂික පරිභෝජනය මෙටි්‍රක් ටොන් විසිතුන් ලක්‍ෂ පනස් හත් දහස් නවසිය පනස්හතක් බව පැවැසූ සභාපතිවරයා වී සංචිත අහිමි වුවහොත් රටම බරපතළ සහල් හිඟයට මුහුණ දෙන බවත් සහල් ආනයනය කිරීමට සිදුවන බවත් සඳහන් කළේය.

Related posts

චීන ආරක්ෂක ඇමැතිගේ ආරක්ෂාවට බාධාකළ පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුව හෙට සිට යළි විවෘතයි

Mohamed Dilsad

மூன்று மாவட்டங்களுக்கு மண் சரிவு அபாய எச்சரிக்கை

Mohamed Dilsad

Leave a Comment