Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු සහ බිරිඳ මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් සංවිධානය පවසයි. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සලාහ් අල්-බර්ඩවීල් නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ වන බවයි හමාස් සංවිධානය පවසා ඇත්තේ. මේ අතර ගාසා තීරය වෙත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව ඊශ්‍රායලය අනතුරු අඟවා තිබුණි.

ඒ අනුව ඊශ්‍රායලය ගාසා තීරයේ තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහල ඉලක්ක කරමින් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් ද එල්ල කළේය. විශේෂයෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන් වූ මෙම රෝහල සැලකෙන්නේ ගාසා තීරයේ විශාලතම රෝහල ලෙසය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගාසාහි සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් ප්‍රහාර දියත් කිරීම ඊශ්‍රායලයේ සැලසුම් වී ඇති බවය.

Related posts

பிலியந்தலை துப்பாக்கிச் சூடு தொடர்பில் 3 நாட்களுக்குள் அறிக்கை கோரப்பட்டுள்ளது

Mohamed Dilsad

සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ஊக்க மருந்து சோதனையில் சிக்கினார் : இந்திய அணியின் நம்பிக்கை நட்சத்திரம்

Mohamed Dilsad

Leave a Comment