Trending Newsඑසැන පුවත්දේශීය

පසුගිය මැතිවරණයට සාපේක්ෂව, මෙවර පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ප්‍රතිශතය ගන්නේ පොහොට්ටුවයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක

පසුගිය මැතිවරණයට සාපේක්ෂව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් වැඩිම ප්‍රතිශතයක් ලබා ගන්නා පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්කිරීමට රටේ ජනතාව බලාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පවසයි. කොට්ඨාස ජයග්‍රහණය තුළින් සභාවල බලය පිහිටුවීමට හැක නිසා එක් එක් කොට්ඨාසවලට අවධානය යොමුකර තිබෙන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

චානක මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය” අනිවාර්යයෙන්ම ගිය මැතිවරණයට සාපේක්ෂව වැඩිම ප්‍රතිශතයක් ලබාගන්නා පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්කරන්න රටේ ජනතාව බලාගෙන ඉන්නව. මේ තියෙන තත්ත්වයත් එක්ක රටේ තියෙන ප්‍රබල පක්ෂ රාශියක් එකවර තරඟ කිරීමත් තුළ අපි විශ්වාස කරනවා කොට්ඨාස ජයග්‍රහණ තුළින් තමයි සභාවල බලය පිහිටුවන්න වෙන්නේ. ඒ හින්දා එක් එක් කොට්ඨාසට අවධානය යොමුකරලා ජයග්‍රහණය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් යනවා.”යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Related posts

President Maithri’s Latest Revalation on Death Penalty 

Mohamed Dilsad

විදුලි බිඳවැටීම සිදුවූ අවස්ථාවේ නොරච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම නතර වෙයි.

Editor O

CID launches probes into Rajitha’s media briefing

Mohamed Dilsad

Leave a Comment