Trending Newsඑසැන පුවත්දේශීය

පෞද්ගලික හේතුවක් මත, ස්ථාන මාරුවක් ඉල්ලුවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග

තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි. පොලිස් නිලධාරියෙකුට වගකීමක් පැවරූ විට ඒවා පැහැර හැරීමට හැකියාවක් නැති බවද හෙතෙම කියා සිටියි.

නමුත් තමන් ස්ථාන මාරුවීමක් ඉල්ලා ලිපියක් යොමු කර ඇති බවද හෙතෙම කියා සිටියේය. ඒ නිසා තමන් වෙනුවට නිලධාරියෙක් පත් කරනතුරු පවරා ඇති වගකීමෙන් මිදීමට තමන්ට හැකියාවක් නැති බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව තමන් විසින් කරන ලද ඉල්ලීමට ඉහළ නිලධාරීන් යම් තීරණයක් ලබාදෙන තුරු තමන් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

Mohamed Dilsad

உயர்தரப் பரீட்சை பெறுபேறு வெளியானது

Mohamed Dilsad

මැයි 06 : හර්තාල් කමිටුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment