Trending Newsඑසැන පුවත්දේශීය

”එල් බෝඩ්” මාලිමා මන්ත්‍රී සුනිල් රත්නසිරි ට උමන්දාවේ පූජ්‍ය සිරි සමන්තබද‍්‍ර හිමිගෙන් සැර ප්‍රකාශයක්

උමන්දාව විහාරවාසී පූජ්‍ය සිරි සමන්තබද‍්‍ර හිමියන් විසින් ජාතික ජනපදවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වයි.

වෙළඳ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන උමන්දාවට අයත් ආයතනයක් රජයට දැවැන්ත වංචාවක් සිදුකර ඇති බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව උන්වහන්සේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළහ.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවී කරන ලද එම ප්‍රකාශය ඉන් එළියේ කරන ලෙසද උන්වහන්සේ මන්ත්‍රීවරයාට අභියෝග කළහ.

“46 ලක්ෂ 55,000ක් සතොසට ගෙවලා තියෙනවා ග්‍රීන්හට් වෙනුවෙන් බිම් කුලිය වශයෙන්. ඊට අමතරව ලක්ෂ 10ක් අපේ තැම්පතුවකුත් තියෙනවා.

ඔය ප්‍රකාශය කළේ සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමෝ ඕවා කියවන්න පුළුවන්. මේවත් අරගෙන කියෙව්වා නම් තමයි හොඳ. බොරු කියලා ලෝකේ රවට්ටන්න බෑ දැන්.

ඔබතුමාලගේ ෆයිල් වැඩකරන්නේ නෑනේ. අපේ ෆයිල් හොඳට වැඩකරනවා. මේ බොරු කීම දැන් නවත්වමු. හොඳ වැඩකරන මිනිස්සුන්ට මඩගහන්නේ නැතුව, ඒ වැඩකරන මිනිස්සුත් එක්ක ඔබතුමාලා එකතු වුණානම් හරිනේ”

Related posts

Five SLFP District Coordinators take oaths before President

Mohamed Dilsad

ஹேமசிறி மற்றும் பூஜித் மீண்டும் விளக்கமறியலில் [VIDEO]

Mohamed Dilsad

Vanni District – Postal Votes

Mohamed Dilsad

Leave a Comment